විරාග රාගය (Viraaga Raagaya)

Original price was: රු850.00.Current price is: රු680.00.

“විරාග රාගය (Viraaga Raagaya)” by Sanjeewani Atulugama

Guaranteed Safe Checkout

විරාග රාගය – Viraaga Raagaya

ඇය කවුළු දොර විවර කළාය. අන්ධකාර අහසට එබිකම් කරද්දී අදත් ඇය ඒ තනි තරුව දුටුවාය. ඇගේ කුටියේ අතුරා තිබූ පරමල් පියල්ලක් නොකල්හී පැමිණි සුළං රැල්ලක් විසින් කවුළුවෙන් පිටතට රැගෙන ගියේය. ළඟපාත රුක්අත්තන ගහක් නැති වුවද හදිසියේ පැමිණි රුක්කත්තන මල් සුවඳකින් කුටිය පිරී ගියේය.

ආපසු හැරුණු ඇය බැලුවේ බුදුරුව අසල වැඩමවා හිඳ වූ යශෝධරා මහරහතන් තෙරණියගේ පිළිරුව දෙසයි. කුඩා කල දී රුක් අත්තන මල් සුවඳ එන විට අම්මා පැවසුවක් මේ මොහොතේ ඇයගේ මතකයට එන්නට විය.

“ඔය සුවඳ එන්නේ දෙවියො වඩිනකොට ”
ප්‍රේමයේ පරමල් සුවඳ විහිදුණු කුටියක මල් මකරන්ද තැවරූ ඒ පිරිමි පපුව හිමි අහිමි සංසාරගත ප්‍රේමය පුරාවතක් ඇගේ ආත්මය තුළ ලේ වලින් ලියද්දී ඇය යශෝධරා මහරහත් තෙරණියගේ පිළිමය අසල පරසතුමල් සුවඳ තැවරුවාය.

📚 Book Highlights:

Title: Viraaga Raagaya by Sanjeewani Atulugama

විරාග රාගය ( Viraaga Raagaya )

Author: Sanjeewani Atulugama

Language: Sinhala

Genre: Sinhala Novel

✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.

👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.